SriLanka Hosting affiliate එක්ක Online සල්ලි හොයමු

Aug 26, 2019

SriLanka Hosting affiliate එක්ක Online සල්ලි හොයමු

SriLanka Hosting යනු 2015 සිට වෙබ් සේවාවන් ලබා දෙන ආයතනයකි. අපි මෙතෙක් කාලයක් ලබා දුන් සේවාවන් වල විශ්වාසය රැගෙන එන පාර්භොගිකයින් 1500 කට වඩා පිරිසක් මේ වෙද්දි Srilanka hosting සමග වැඩ කටයුතු කරමින් සිටිනවා. ඒ වගේම අපගේ සේවාවන් වෙන අයට හදුන්වාදෙමින් සහය දුන් පිරිසත් අති විශාලයි, ඒ අප ගැන ඔවුන්ට තිබෙන විශ්වාසය නිසාමය.

ඒ සියලු වැඩකටයුතු සමග SriLanka hosting අපි තීරණය කලා අලුත් Program එකක් ලබා දෙන්න. ඒක අපි ගැන දන්න අයට වගේම නොදන්න අයටත් හුගාක් වටින දෙයක් විදිහයි අපි හදුන්වාදෙන්න තීරණය කලේ.  "SriLanka Hosting එක්ක සල්ලි හොයමු" කියන මාතෘකාවට අපි දැන් එන්නේ ඒ ගැන ඔබව දැනුවත් කිරීමටයි.

මුලින්ම බලමු මොකක්ද මේ affiliate වැඩසටහන (Program) කියලා. 

අප ගැන/ අපගේ සේවාවන් ගැන ඔබ දන්න කෙනෙක්ව දැනුවත් කරනවා, ඊට පස්සේ ඔහු / ඇය අපගේ වෙබ් අඩවියේ Register වෙලා මිල දී ලබා ගන්න සේවාවන් වලින් සියයට ගණනක % මුදලක් (Commission) අපි ඔබට ලබා දෙනවා.  ඒ ආකාරයේ වැඩසටහනක් තමයි අපි මේ affiliate Program එක මගින් සිදු කරනු ලබන්නේ.

Commission ලබා දෙනු ලබන සේවාවන් මොනවාද?

මේ වනවිට අපි අපගේ සේවාවන් අතරින් වැඩිම ඉල්ලුම තිබෙන සේවාවන් සදහා commission මුදල් ලබා දීමට කටයුතු කර තිබෙනවා. ඉදිරියේදී තවත් සේවාවත් මේ සදහා එකතු වීමට නියමිතය. ඒ වගේම දැනට අපි SriLanka Hosting ඔස්සේ ලබා දෙන සේවාවන් අතරට, අලුත් සේවාවන් රැසක්ම ඉදිරියේදී එකතු වීමට තිබේ. ඒ ඒ සේවාවන්ද මේ ආකාරයට SrilankaHosting affiliate program එක එකතු වේවි.
දැනට Affiliate Program එක සමග commission ලැබෙන සේවාවන් වන්නේ - 

  1. Linux Shared Hosting
  2. Linux Reseller Hosting
  3. Linux VPS Hosting
  4. Radio Hosting යන සේවාවන්ය.

එක එක් සේවාවන් වලට ලැබෙන Commission එක කොහොමද.?

සේවාවන් අනුව ලැබෙන මුදල වෙනස් වෙනවා, ලැබෙන commission ප්‍රතිශතයන් ගැන දැනගන්න පහළින් යන්න.
Commissions

කොහොමද affiliate Program එක වැඩ කරන්නේ.?

මේ program එකට එකතු වෙන්න කැමති අය මුලින්ම අපගේ වෙබ් අඩවියේ සාමාජිකත්වය ලබා ගැනීමට අවශ්‍යයි.  ඉන් පසු ඔබ affliate program එකට එකතු වෙන්න කැමති කියලා එවන්න ඕනි online form එකක් තියෙනවා. ඉන්පසු අපි ඔබගේ ඒ ඉල්ලීම පරික්ෂා කරලා බලලා, ඔබ ලබා දී තිබෙන contact තොරතුරු වලින් ඔබ එක්ක සම්බන්ධ වී යම් තොරතුරු කිහිපයක් විමසා බලලා, ඔබගේ affiliate account එක සක්‍රීය (active) කරනවා. ඒ සමගම ඔබට email එකකුත් ලැබේවි, ඒ එක්කම ඔයාගේ Client ලට ලබා දෙන්න විශේෂ Coupon code list එකකුත් ලැබේවි. ඒවා භාවිතා කරලා, ඔයා හරහා අපගෙන් hosting සේවාවන් ලබා ගන්න අයට අවම මිලකට එම සේවාවන් ලබා ගැනීමට අවස්ථාවකුත් ලැබෙනවා.  ඒවා එයාලට ලබා දෙන්නත් අමතක කරන්න එපා. 

කොහොමද ඔබ හරහා ලැබෙන orders හදුනාගෙන මුදල් ලබා දෙන්නේ..? 

ඔබ ලබා ‌ ‌දෙන affliate link එක click කරලා visitor කෙනෙක් අපගේ වෙබ් අඩවියට පැමිණි විට visitor ගේ IP address එක සමග අනෙකුත් විස්තර cookies මගින් ඔහු/ඇයගේ web browser එකෙහි තැන්පත් වෙනවා. දවස් 90ක් දක්වා කාලයක් දක්වා save වෙලා පවතිනවා.  ඉන් පසු ඕනිම වෙලාවක හෝ ඒ වෙලාවේ ඔහු හෝ ඇය Sri Lanka hosting වෙබ් අඩවියේ ලියාපදිංචි වුන පසු ඔහු / ඇය ඔබගේ Reffer කෙනෙක් පවට පත් වෙනවා.. ඉන්පසු එදින සිට ඉදිරියෙදී ඔහු / ඇයි සිදු කරනු ලබන සියලුම  ගණුදෙනු වලින් සේවාවන්ට අදාලව ඔබට commission මුදල් ලැබෙනවා. ඒ ඒ සේවාවන්ට ලැබෙන commission මුදල් ගැන වැඩි විස්තර සදහා පහළින් පිවිසෙන්න.

Commssions

කොහොමද අපි sri lanka hosting affliate program එක එක්ක join වෙන්නේ.?

ඒ සදහා සිදු කළ යුතු  දේවල් කිහිපයක් පහත පිළිවෙලින් තිබෙනවා. ඒ ආකාරයට සිදු කරන්න. ඉන් පසු අපගේ සාමාජිකයකු ඔබ හා හැකි ඉක්මනින් සම්බන්ධ වෙනු ඇත.
  1. මුලින්ම අපගේ Sri Lanka Hosting වෙබ් අඩවියේ සාමාන්‍ය පරිශිලකයෙන් විදිහට ලියාපදිංචි (Register) වෙන්න - මෙතින්න යන්න Register Now
  2. දැන් අපගේ affiliate request form එක නිසි ආකාරව පුරවලා අපිට එවන්න. මෙතනින් යන්න Affiliate Request  (වෙබ් අඩවියේ ලියාපදිංචි වීමට භාවිතා කල තොරතුරුම මෙහි ඇතුලත් කරන්න අමතක නොකරන්න.)
  3. ඉන්පසු අපගෙන් email ලිපිනයක් වගේම, දුරකතන ඇමතුමකුත් ලැබේවි. ඉන්පසු ඔබගෙන් ලැබෙන ප්‍රතාචාර වලින් පසු ඔබගේ SLH affiliate Program සක්‍රීය (active) වේවි.